1930 සිට ක්‍රියාත්මක, දකුණු පළාතේ සමූපකාර ක්ෂේත්‍රය මෙහෙයවන, සංවර්ධනය කරන හා නියාමනය කරන ප්‍රධාන ආයතනය.
"2029 වන විට සමුපකාර ක්ෂේත්‍රයේ පළාත් ප්‍රමුඛයා බවට පත්වීම"
"දකුණු පළාත් සමුපකාරිකයන් ප්‍රමුඛ වු ප්‍රජාවගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව සමුපකාර ක්ෂේත්‍රය මෙහෙයවීමෙන් ජාතික ආර්ථිකයට සමුපකාරික දායකත්වය ප්‍රබලව ලබාදීම."
දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාප්‍රවාහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළඳ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලය සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් වන අතර උප කොමසාරිස් ප්‍රධාන නිලය සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වේ.
දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලය යටතේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල පාලනය වන අතර ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාල පිහිටා ඇත.
සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් යටතේ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්, ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරී, මූලස්ථාන සමුපකාර සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, සමුපකාර සංවර්ධන නිලධාරී, තොරතුරු තාක්ෂණ සහකාර, කළමණාකරණ සහකාර, රියදුරු හා කාර්යාල කාර්ය සහායක යන කාර්ය මණ්ඩලය සේවය කරනු ලබයි.
1930 වර්ෂයේදී වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් සමුපකාර දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති අතර, දෙපාර්තමේන්තු කටයුතු විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා 1936 අංක 16 දරණ සමුපකාර සමිති අඥාපනත සම්මත කරගන්නා ලදී. 1972 අංක 05 දරණ සමුපකර සමිති පනත සම්මත කරගන්නා තෙක් එම පනත ක්‍රියාත්මක විය. 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත, 1983 අංක 32 හා 1992 අංක 11 දරණ පනත් වලින් සඳහන් සංශෝධනය වීම් සහිතව දකුණු පළාත තුළ 2019 වසර දක්වා ක්‍රියාත්මක විය. 1989 අංක 12 දරණ පළාත් සභා පනතින්, සමුපකාර විෂය පළාත් සභා සඳහා විමධ්‍යගත කළ අතර, ඒ අනුව 2019.04.01 වන දින 2019 අංක 06 දරණ දකුණු පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය දකුණු පළාත් සභාවේදී සමමත කර ගෙන ඇත.
දකුණු පළාත් ජනතාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන සංවර්ධනයට දායකත්වයක් සපයන විවිධ සේවා සමුපකාර සමිති, සමුපකාර ණය ගනුදෙනු හා සකසුරුවම් සමිති, කර්මාන්ත හා නිෂ්පාදන සමුපකාර සමිති, ධීවර සමුපකාර සමිති, ආරෝග්‍යශාලා සමුපකාර සමිති, උත්සව සේවා සමුපකාර සමිති, පාසැල් සමුපකාර සමිති යනාදී වශයෙන්, ජන ජීවිතයේ සෑම අවස්ථාවකටම ප්‍රයෝජනවත් වන අයුරින් ස්ථාපනය වී ඇති සමස්ථ සමුපකාර සමිති පද්ධතිය මෙහෙයවීම, උපදෙස් දීම, විගණනය හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම කරනු ලබන්නේ දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසිනි.
මේ යටතේ සමුපකාර සමිති ලියාපදිංචි කිරීම, සංවර්ධනය කිරීම, විගණනය, විමර්ශනය හා නීතිමය කටයුතු සිදු කිරීම සහ සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල කාරක සභා, මහා සභා සාමාජිකයන් සහ සාමාජිකයන් දැනුවත් කිරීම සහ මග පෙන්වීම යන සංවර්ධන හා ව්‍යවස්ථාපිත කාර්යයන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. සමුපකාර සංවර්ධන කොමසාරිස් ප්‍රමුඛ විවිධ තනතුරුවලට අනුයුක්තව 286 ක කාර්ය මණ්ඩලයක් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි සේවය කරයි.