ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පරිපාලනය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දකුණු පළාත් කෘෂිකර්ම, ගෙවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළෙඳ සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කරන ලදී. පළාත් සභාවට පවරා ඇති ව්‍යවස්ථාපිත විධිවිධාන යටතේ, කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ වාරිමාර්ග අංශවල තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරනු ලැබේ.
කෘෂිකර්ම, වාරිමාර්ග සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වෙනම දෙපාර්තමේන්තු තුන යටතේ මහජනතාවට ප්‍රතිලාභ ලබා දෙනු ලැබේ. අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අනෙකුත් සමස්ත කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයේ මෙම දැක්ම සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පක්ෂපාතීව, අවංකව සහ මහත් කැපවීමකින් කටයුතු කරයි.