“රුහුණු රස සරණිය” දේශීය ආහාර සැකසුම් හම්බන්තොට දිස්ත්‍රික් පාසල් සූපවේදී තරඟාවලිය – 2024

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දේශීය පාරම්පරික ආහාර රටාව හා සබැඳුනු ආහාර වට්ටෝරු යලිත් සමාජගත කිරීමේ අරමුණින් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව දකුණු පළාතේ පාසල් අතර පවත්වනු ලබන දේශීය ආහාර සැකසුම් පාසල් සූපවේදී සූපවේදී තරඟාවලියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවති හම්බන්තොට දිස්ත්‍රික් තරඟාවලිය 2024.07.16 දින හම්බන්තොට රුහුණු රසාර අළෙවිසැල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

ඒ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයදුම්පත් යොමුකරන ලද පාසල් අතුරින් පාසල් 21ක් පමණ සහභාගී වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් තරඟාවලියේ ජයග්‍රහණ පහත පරිදි හිමිවිය.

1. ප්‍රථම ස්ථානය – හ / කිරම ධම්මානන්ද මහා විද්‍යාලය

2. දෙවන ස්ථාන.- හ / උඩුවිල කණිෂ්ඨ විද්‍යාලය

3. තෙවන ස්ථානය – හ / නමඩගස්වැව මහා විද්‍යාලය

එසේම මෙවර තරඟාවලියේදී පාසල් ඉදිරිපත් කරන ලද ආහාර වට්ටෝරු අතුරින් හොදම ප්‍රධාන ආහාරය, හොදම අතුරුපස සහ හොදම පානය යන ආහාර වට්ටෝරු සදහා පළමු ,දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් පාසල්ද ඇගයීමට ලක් කරන ලදී.

ඒ අනුව එම කාණ්ඩ යටතේ ජයග්‍රාහී පාසල් පහත පරිදි විය.

• හොඳම ප්‍රධාන ආහාරය

1. ප්‍රථම ස්ථානය – හ / කිරම ධම්මානන්ද මහා විද්‍යාලය

2. දෙවන ස්ථාන.- හ/ අඹගහතැන්න මහා විද්‍යාලය

3. තෙවන ස්ථානය – හ / මිද්දෙනිය මහා විද්‍යාලය විද්‍යාලය

• හොදම අතුරුපස

1. ප්‍රථම ස්ථානය – හ/ උඩු විල කණිෂ්ඨ විද්‍යාලය

2. දෙවන ස්ථාන.- හ / නමඩගස්වැව මහා විද්‍යාලය

3. දෙවන ස්ථානය – හ / කිරම ධම්මානන්ද මහා විද්‍යාලය

• හොඳම පානය

1. ප්‍රථම ස්ථානය – හ / කිරම ධම්මානන්ද මහා විද්‍යාලය

2. දෙවන ස්ථාන.- හ / නමඩගස්වැව මහා විද්‍යාලය

3. තෙවන ස්ථානය – හ / ගෝණදෙනිය මහා විද්‍යාලය

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහී පාසල් වෙත හා තරඟයට ඉදිරිපත්වූ සෑම පාසලකම ගුරුභවතුන් හා පාසල් දරුවන් වෙත වටිනා සහතිකයක් සහ ත්‍යාග වවුචරයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

එසේම මෙම අවස්ථාව සදහා රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යය නිලන්ත ලියනගේ මහතා , විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මයා , ආයුර්වේද වෛද්‍ය D.V.සමරසේකර මිය , දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ශාලිකා වීරවර්ධන මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ – ක්‍රමසම්පාදන චාමර මහගමගේ මහතා, ගණකාධිතාරී කෞමලී ප්‍රසංගිකා මිය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගෘහ විද්‍යා විෂය) J.W.මයුරානි මිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ K,A. විනීතා මිය , සහ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය. https://www.facebook.com/share/p/aZgVuAR21tnFFrEW/