දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් විෂය යටතේ මාතර හා තෙලිජ්ජවිල රුහුණු රසාර අලෙවිසැල් සඳහා අගය එකතු කළ සැකසූ ආහාර නිෂ්පාදන සැපයුම්කරුවන්ට ආහාර නිෂ්පාදන ඇසුරුම්කරණය හා ආහාර නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් විෂය යටතේ මාතර හා තෙලිජ්ජවිල රුහුණු රසාර අලෙවිසැල් සඳහා අගය එකතු කළ සැකසූ ආහාර නිෂ්පාදන සැපයුම්කරුවන්ට ආහාර නිෂ්පාදන ඇසුරුම්කරණය හා ආහාර නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 27 දින පෙ.ව. 9.00 – ප.ව. 4.30 දක්වා මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

එම වැඩසටහන සඳහා දකුණු පළාත් කෘෂිකර්ම, ආහාර සැපයුම් හා බෙදාහැරීම් අමාත්‍යාංශ ලේකම් ඒ.යූ.වේලාරත්න මහතා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ඩී. ගුණවර්ධන මහතා, මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අචලා ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ජේ.සී. මහගමගේ මහතා, අමාත්‍යංශ නිලධාරීන්, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, මාතර හා තෙලිජ්ජවිල රුහුණු රසාර ගොවිපළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.

මේ සඳහා මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක වී.පි.ධම්මික මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සෞම්‍ය කුමාර, මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ජි.එම්. සංදීප හා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අංජලිකා ඉන්දුමතී මහත්මියගේ සම්පත් දායකත්වය ලබාදෙන ලදි.