වැසි ජල ටැංකි කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය

2019  වර්ෂයේ 50% දායකත්වය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්මිණිතැන්න ග්‍රාම සේවා  වසමේ පවුල්  5ක් සඳහා වැසි ජල කළමනාකරණ පද්ධති ලබා දෙන ලදී. මෙම පවුල් ස්වයං රැකියාවක් වශයෙන් කොමාරිකා වගාව සිදු කරන අතර, එම  වගාව පුළුල් කිරීමේ අරමුණින් නිවාස වල වැහිපීළි යොදා ඒ ඔස්සේ ගලා එන වැසි ජලය ජල ටැංකි වෙත එකතු කර ගැනීම සඳහා ලීටර් 5000 ක ධාරිතාවයකින් යුතු වැසි ජලය රැස් කිරීමේ ටැංකි ඇතුළත් පද්ධතින් ස්ථාපිත කරන ලදී. 2022.11.04 වන දින අමාත්‍යංශ නිලධාරීන් විසින් එම ව්‍යාපෘතීන් පහේ (05) ප්‍රගතිය නිරීක්ෂණය කරන අවස්ථාවන් වේ .

මේ වන විට කොමාරිකා වගාවට අමතරව ගෙවතු වගාවන් හා පැෂන් ෆෘඩ්, දෙහි, පොල්, ඩ්‍රැගන් ෆෘඩ්, කජු, කවුපි සහ අන්නාසි යන වගාවන් ද සාර්ථක ආකාරයෙන් සිදු කරන බව නිරීක්ෂණය විය. මෙම ව්‍යාපෘතිය තව දුරටත් ව්‍යාප්ත කරන ලෙස ග්‍රාම ශක්ති සමිති සාමාජිකයන් 400 දෙනෙකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කරන  ලදී.