ආක්‍රමණශිලි ජලජ ශාඛා ඉවත් කිරීමේ යන්ත්‍රය (weed harvester)

දකුණු පළාත තුළ පිහිටා ඇති වැව් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් ආක්‍රමණශීලි ශාඛ වලින් වැසී ගොස් වැව් හා වාරිමාර්ග මුලාශ්‍ර විනාශ මුඛයට පත් වෙමින් තිබේ. මෙතරම් ප්‍රමාණයක වැව් වල වර්ධනය වි ඇති ආක්‍රමණශීලි ජලජ ශාඛ ඉවත් කිරීම සඳහා විශේෂිත වූ නවීන යන්ත්‍රයක් වන මෙම වීඩ් හාවෙස්ටර් (weed harvester) යන්ත්‍රය , ජලය මත ගමන් කර ඉතා කාර්යක්ෂම ලෙස ජලජ ශාඛ ඉවත් කිරීමේ හැකියාව තිබේ.

ඒ අනුව ,දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 2021 සංවර්ධන සැලැස්ම යටතේ රුපියල් මිලියන 85 ක් පමණ වැය කර දකුණු පළාත තුළ දැනට ඇති වටිනාකමින් වැඩිම යන්ත්‍රය වශයෙන් මෙම යන්ත්‍රය මිල දී ගන්නා ලදී.

මෙම යන්ත්‍රය මඟින් ඉවත් කරනු ලබන ආක්‍රමණශීලි ජලජ ශාඛ යොදා ගනිමින් පරිසර හිතකාමි ඉතා ගුණාත්මක කොම්පොස්ට් පොහොර නිපදවීමට හැකි බැවින්, දැනට රසායනික පොහොර භාවිතය අධෛර්යමත් කරමින් කාබනික පොහොර භාවිතය වෙත යොමු කිරීම මත මෙවැනි යන්ත්‍රයක් මිල දී ගැනීම දකුණු පළාත තුළ වඩාත් ඵලදායි වනු ඇත.

ඒ අනුව මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරඹ වැව ආශ්‍රිතව පාසි වර්ග සහ සැල්වීනියා ශාක ඇතුළු ජලජ ශාක ඉවත් කිරීම සිදු කරනු ලබයි.