ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා මූල සංවිධාන විසින් පවත්වාගෙන යනු ලබන පානීය ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම වල ගුණත්වය පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන – 2022 .11.03

දකුණු පළාතේ ප්‍රජා ජල ව්‍යාපෘතීන් හි ජල සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු ලැබුණු ප්‍රතිඵල අනුව එම ජල මුලාශ්‍රවල ජලයේ ගුණත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ගාල්ල දිස්ත්‍රික්යේ ප්‍රජා මූල සංවිධාන 200 ක සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.03 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 01.00 දක්වා ගාල්ල , ලබුදූව, දක්ෂාණපාය අමාත්‍යංශ සංකීර්ණයේ 07 වන මහලේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

එම වැඩසටහන සඳහා රුහුණ විශ්ව විද්‍යාලීයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජී.ජී.තුෂාර චාමින්ද මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

දකුණු පළාත් කෘෂිකර්ම, ජල සම්පාදන…අමාත්‍යංශ ලේකම් ඒ.යූ.වේලාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කේ.ශාලීකා වීරවර්ධන මහත්මිය හා නිලධාරීන්ගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.