“දක්ෂිණ පෝෂණ සුරක්ෂා”

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික එකාබද්ධ යාන්ත්‍රණය සඳහා වූ පළාත් වැඩ සටහන “දක්ෂිණ පෝෂණ සුරක්ෂා”වැඩසටහන.

2022 නොවැම්බර් 01 දින ගාල්ල වඳුරඹ වැලිදෙණිය කණිෂ්ඨ විද්‍යාලයේදී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.එසේම ඊට සමගාමීව සමගාමීව වඳුරඹ ලේල්වල වත්ත කැකුළු පෙර පාසලේ ළමුන් සඳහා දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනට හා දකුනු පළාත් ධීවර හා සත්ව නිෂ්පාදන අමාත්‍යංශය මගින් එම දරුවන් සඳහා බිත්තර පැසක් ලබාදීමේ වැඩසටහනට සමගාමීව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන පෝෂණ සංවේදී ගෙවතු සථාපිත කිරීම හා දැනුවත් කිරීම යටතේ එම පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම හා එළවළු පැළ ,බීජ හා වගා මළු බෙදා දීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාර තුමා විසින් සිදු කරන ලදි.