‘’හෙළවිරු’’ නම් වූ කෘෂි නිෂ්පාදන අලෙවිකරණ මෘදුකාංගය දකුණු පළාත තුළ නියමු ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නිර්මාණය කරන ලද ‘’හෙළවිරු’’ නම් වූ කෘෂි නිෂ්පාදන අලෙවිකරණ මෘදුකාංගය දකුණු පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළව දකුණු පළාතේ ගොවිජනතාව හා වෙනත් රාජ්‍ය ආයතනය වල නිලධාරීන් දැන්වත් කිරීමේ වැඩසටහන් මාලාව මෙහෙයවීම සඳහා සම්පත් දායක නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් දෙදෙනකු හා ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 හි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයන්හි එක් නිලධාරියකු බැගින් පුහුණු කිරීමට තෝරාපත් කරගන්නා ලදි.

ඒ අනුව අදාළ පුහුණු වැඩසටහන 2022/10/25 දින ගාල්ල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන ශ්‍රවණගාරයේ පවත්වන ලදි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයෙන් සම්පත් දායකයින් ලෙස හෙළවිරු ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු වන කෙමිල් බණ්ඩාර (සහකාර ඉංජිනේරු , ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), ලකිත් සිරිවර්ධන (තොරතුරු තාක්ෂණ නිලධාරි, ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන) යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් පියනන්ද අතුරලිය (ජ්‍යෙශ්ඨ විධායක සහකාර කළමණාකරු , මාතර ) නවීන් දර්ශන (විකුණුම් නිලධාරී, ගාල්ල) හා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රජාත් සඳකැළුම් (සංවර්ධන නිලධාරී, හම්බන්තොට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය), එච්.කේ.කේ.සී.අබේසිරිවර්ධන (සංවර්ධන නිලධාරී, ගාල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය), කේ.එන්.සමරසිංහ (සංවර්ධන නිලධාරී, මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය) යන නිලධාරීන් සහභාගී විය.