හෙල බොජුන් ආපන ශාලා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය – ගා/කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලය

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් හා බෙදා හැරීම් විෂය යටතේ දකුණු පළාතේ පාසල් වල හෙල බෝජුන් ආපන ශාලා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් හෙල බොජුන් ආපන ශාලාවක් 2022-10-21 දින ගාල්ල – කිතුලම්පිටිය ආනන්ද විදයාලයේදී දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ක්‍රම සම්පාදන) චාමර මහගමගේ මහතාගේ සහ සහකාර ලේකම් ආසිරි ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට විදුහලේ විදුහල්පති ඒ.සී.කලංසූරිය මහතා, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලයේ විෂයභාර කෘෂිකර්ම උපදේශක දිස්නා එස්.ගමගේ මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂයභාර සංවර්ධන නිළධාරී එන්.එච්.කේ.නදීෂනී මිය ඇතුළු පාසලේ ගුරු භවතුන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

මෙමගින් ප්‍රදේශයේ ව්‍යවසායිකාවන් දෙදෙනෙකුට රැකියා අවස්ථාවන් උදා විය.