ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් සඳහා පවත්වනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවේ තුන්වන පුහුණු වැඩසටහන

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් අංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් සඳහා පවත්වනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවේ තුන්වන පුහුණු වැඩසටහන ලෙස ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි , විජලිත ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් සඳහා ආහාර විජලන සම්බන්ධයෙන් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හි ඇඹිලිපිටිය කැති රිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.