හෙළ බොජුන් ආපනශාලාව – බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් හා බෙදාහැරීම් විෂය යටතේ පාසල්වල ආරම්භ කරනු ලබන හෙළ බොජුන් ආපනශාලාවක් දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස 2022/08/18 දින බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසලේදී ආරම්භ කරන ලදී. මෙම ආපනශාලාව හරහා ප්‍රදේශයේ කෘෂි ව්‍යවසායිකාවන් 07 දෙනෙකු සඳහා රැකියා අවස්ථාවන් උදාවු අතර, එම අවස්ථාවට විදුහල්පති කේ.එස්. අබේරත්න මහතා, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්. ඩබ්ලිව්. වාසනා මිය, කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී අනුර විදානපතිරන මහතා, දිස්ත්‍රික් හා කලාපභාර කෘෂිව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.