හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නිර්මාණය කරන ලද ” හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය ” නමැති කෘෂි නිෂ්පාදන අලෙවිකරණ මෘදුකාංගය දකුණු පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කෘෂි නිෂ්පාදන අලෙවිකරණය වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා ” හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය ” නම් යෙදවුමක් (APP) නිර්මාණය කර ඇති අතර, ජනතාවගේ / ව්‍යවසායකයින්ගේ විකුණුම් මිලදී ගැනුම් ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් සාධාරණ මිල ගණන් යටතේ සිදුකර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ වේ.

මෙම මෘදුකාංගය නියමු ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා දකුණු පළාතේ රාජ්‍ය ආයතනයන් දැනුවත් කර එම ආයතනයන්හි සහයෝගය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමට අනුව මෙම ව්‍යාපෘතිය දකුණු පළාත තුළ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2022/08/17 දින පෙ.ව.11.30ට පමණ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චාමර මහගමගේ මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යෘංශයේ සහකාර ලේකම් ආසිරි ගුරුගේ මහතා යන මහත්වරුන් සහභාගී වු අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනේෂ් පෙරේරා මහතා (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හසරංග විදානපතිරණ මහතා (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), කළමණාකරු රංජිත් සෙනෙවිරත්න මහතා (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), ඉංජිනේරු චමිල් ගුණතිලක මහතා (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධක), දකුණු පළාතේ හෙළවිරු ව්‍යාපෘතිභාර නිලධාරී ප්‍රියංකර ඩයස් මහතා යන මහත්වරුන් ඊට සහභාගී විය. මීට අමතරව එම අවස්ථාවට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක්ද සහභාගී විය.