Loading...

අප ගැන

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය......

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පරිපාලනය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දකුණු පළාත් කෘෂිකර්ම, ගෙවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළෙඳ සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කරන ලදී. පළාත් සභාවට පවරා ඇති ව්‍යවස්ථාපිත විධිවිධාන යටතේ, කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ වාරිමාර්ග අංශවල තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරනු ලැබේ.

>කෘෂිකර්ම, වාරිමාර්ග සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වෙනම දෙපාර්තමේන්තු තුන යටතේ මහජනතාවට ප්‍රතිලාභ ලබා දෙනු ලැබේ. අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අනෙකුත් සමස්ත කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයේ මෙම දැක්ම සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පක්ෂපාතීව, අවංකව සහ මහත් කැපවීමකින් කටයුතු කරයි.

අපගේ ප්‍රමුඛ සේවාවන්

අප අමාත්‍යාංශ්‍ය ඔබට ගුණාත්මක සේවාවක් සපයයි

අප අමාත්‍යාංශය සේවාලාභීන්ට උසස් තත්ත්වයේ, විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් සැපයීම සිදුකරයි. අපගේ නිල වෙබ් අඩවිය මඟින් 7/24 පුරා අඛණ්ඩව තොරතුරු හා සේවා ලබාගැනීමේ පහසුකම් සලසා ඇත. නවීන තාක්ෂණය භාවිතා කරමින් සේවා ලබාදීම වේගවත්, පහසු සහ ප්‍රවේශය සරල කර ඇත. සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සෑම විටම විශ්වාසය හා ගුණාත්මකභාවය රැක ගැනීමට අප කැපවී සිටිමු. ඉදිරියටත් තවත් වඩාත් නවීන සහ ප්‍රයෝජනවත් සේවාවන් ලබාදීමට අප අඛණ්ඩව කටයුතු කරනු ඇත.

Circular
පුවත් සහ සිදුවීම්
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පුහුණු වැඩසටහන - 2026
  • 2026 මැයි 15
  • සම්පත් දායකත්වය:එන්.ඒ.කේ.එල්. විජේනායක මයා,ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය
වැඩි විස්තර

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු

දකුණු පළාත තුළ කෘෂිකර්ම සංවර්ධනය සඳහා ප්‍රධාන ආයතන තුනක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත්ති සකස් කිරීම සහ සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම සිදු කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට තාක්ෂණික උපදෙස්, බීජ සහ වගා ක්‍රම ලබාදෙමින් නිෂ්පාදන වර්ධනයට දායක වේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුව ජල සම්පාදනය සහ වාරි පද්ධති කළමනාකරණය කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීමට උදව් කරයි. එසේම සමූපකාර දෙපාර්තමේන්තුව විවිධ වූ ආර්ථික කටයුතු වැඩිදියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා ලබාදීමට සහාය වේ.

අප කණ්ඩායම

මාණ්ඩලික නිළධාරීන්

එන්. ඒ. කේ. එල්. විජේනායක මහතා

අමාත්‍යාංශ ලේකම්

091-2234604, 0714054611

එල්. එස්. වර්ණකුලසූරිය මහතා

සහකාර ලේකම්

091-4943077, 0718139100

එම්. වයි. එෆ්. නෆ්ලා මිය

සහකාර ලේකම් 11

091-4946392, 0772715168

කේ.එස්.ශාලිකා වීරවර්ධන මිය

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 1(ක්‍රම සම්පාදන)

091-4943078, 071-4460731

ජේ.චාමර මහගමගේ මහතා

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 11 (ක්‍රම සම්පාදන)

091-4943076, 078-6416759

ටී. කේ. ප්‍රසංගිකා මිය

ගණකාධිකාරි

091-4943088, 071-7329162

කේ.කේ.ජාගොඩගේ මිය

පරිපාලන නිලධාරි

091-4946393, 076-9795401