Loading...
නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නවතම ක්‍රියාකාරකම්, වැඩසටහන් සහ නිවේදන

24
මෙම මාසයේ පුවත්
08
ඉදිරි සිදුවීම්
156
සමස්ත ලිපි
ගොණු: සියල්ල වැඩසටහන් නිවේදන සිදුවීම් ව්‍යාපෘති

ප්‍රධාන පුවත

Featured

නවතම පුවත්

Latest News
තම්බන ලද සහල් සකස්කිරීමේ ක්‍රියාවලිය පුහුණු වැඩසටහන පුහුණු 2026 ජූලි 08
පුහුණු වැඩසටහන

"තම්බන ලද සහල් සකස්කිරීමේ ක්‍රියාවලිය" පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

දකුණු පළාතේ වී වගාකරුවන්, සහල් මෝල් හිමියන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි විෂය නිලධාරීන් සඳහා දකුණු පළාත් කෘෂිකර්ම, ආහාර සැපයුම් හා බෙදාහැරීම් අමාත්‍යාංශයෙහි සංවිධානයෙන් සහ ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් කඹුරුපිටිය මාපලාන කෘෂි පීඨයේදී මෙම පුහුණු වැඩසටහන පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය කඹුරුපිටිය
වැඩිදුර කියවන්න
කිරිබත් දන්සල සිදුවීම් 2026 ජූනි 26
පුණ්‍යමය අවස්ථා

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිරිබත් දන්සල සාර්ථකව පැවැත්විණි

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කිරිබත් දන්සල ඉතා සාර්ථක අයුරින් පැවැත්වීමට හැකි විය. එකමුතුව, සහයෝගය හා දානමය හැඟීම තුළින් සමාජයට යහපත් පණිවිඩයක් ලබාදීමට මෙම වැඩසටහන මහඟු අවස්ථාවක් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය
වැඩිදුර කියවන්න
ඩෙංගු මර්ධන සහ ශ්‍රමදාන වැඩසටහන සෞඛ්‍ය 2026 ජූනි 19
ඩෙංගු මර්ධන වැඩසටහන

ඩෙංගු උදුරා දමමු - සුරක්ෂිත හෙටක් නිර්මාණය කරමු!

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයීය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, ඩෙංගු මදුරු උවදුර මැඩපැවැත්වීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්ධන සහ ශ්‍රමදාන වැඩසටහන කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය
වැඩිදුර කියවන්න
විජලනය ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන පුහුණු 2026 ජූනි 17-18
පුහුණු වැඩසටහන

විජලනය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ තුන්වන තාක්ෂණික පුහුණු වැඩසටහන අවසන්

ආහාර සැපයුම් බෙදාහැරීම් අංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන ලෙස ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් සඳහා විජලනය ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ඇඹිලිපිටිය කැතිරිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය ගාල්ල, මාතර, හම්බන්තොට
වැඩිදුර කියවන්න
ව්‍යාපාර නාම ලියාපදිංචිය පුහුණු 2026 මැයි 15
පුහුණු වැඩසටහන

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පුහුණු වැඩසටහන - 2026

ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම සහ නියාමනය සම්බන්ධ දැනුම ලබාදීමේ අරමුණින් සංවිධානය කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනකි.

කෘෂිකර්ම අමාත්‍යාංශය ගාල්ල
වැඩිදුර කියවන්න
ගොවිජන සංවර්ධනය ව්‍යාපෘති 2026 අප්‍රේල් 28
ගොවිජන සංවර්ධනය

2026 / 2027 යල කන්නය සඳහා ගොවිජන සහනාධාර ලබාදීම

යල කන්නය ආරම්භ වීමට ආසන්නව ගොවිජනතාවට බීජ, පොහොර හා කෘෂි ආයෝජන සඳහා රජය විසින් සහනාධාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කෙරෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය දකුණු පළාත
වැඩිදුර කියවන්න
ජාතික ආහාර ජාතික 2026 අප්‍රේල් 10
ආහාර ආරක්ෂාව

ජාතික ආහාර නිෂ්පාදන ඉලක්ක 2026 – දකුණු පළාත

ජාතික ආහාර නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ ගොවිජනතාව 2026 ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාව.

ජාතික ආහාර කොමිෂන් සභාව
වැඩිදුර කියවන්න
දිගුකාලීන සැලසුම ප්‍රකාශන 2026 මාර්තු 30
සැලසුම් හා ප්‍රතිපත්ති

2026-2030 කෘෂිකර්ම සංවර්ධන ක්‍රියාකාරී සැලැස්ම නිකුත් කෙරෙයි

ඉදිරි පස් වසර සඳහා දකුණු පළාත් කෘෂිකර්ම සංවර්ධනය ශක්තිමත් කිරීමට නිකුත් කෙරෙන ව්‍යාකූල ක්‍රියාකාරී සැලැස්ම ජනතාව සඳහා විවෘත කෙරෙයි.

ලේකම් කාර්යාලය PDF
බාගත කරන්න