අමාත්‍යාංශයේ මෙහෙවර
පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක්, මනා කළමනාකරණයක් සහිත වාරි පද්ධතියක්, සංවර්ධිත සමූපකාර ව්‍යාපාරයක් සමඟ නිසි ජල සම්පාදන ක්‍රමවේද, ප්‍රමිතිගත ආහාර සැපයුම් ක්‍රියාවලියක් හා යහ වෙළෙදාමක් ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියට අනුව යමින් ප්‍රතිපත්ති සම්පිදනය, අවශ්‍ය පහසුකම් සැපයීම, නියාමනය කිරිම මගින් දකුණු පළාතේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම.
අමාත්‍යාංශයේ අරමුණු
- අමාත්‍යංශයේ ඇති සියලු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ථ ලෙස කලමනාකරණය හා සංවර්ධනය කිරීම.
- අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු තුනෙහි සියලු කාර්යයන් නියාමනය හා අධීක්ෂණය.
- ඵලදායි කෘෂි ව්‍යාප්ති සේවාවක් මගින් භෝග ඵලදායිතාවය ඉහල නැංවීම, ආහාර සුරක්ෂිත තාවය ඇති කිරීම හා දකුණු පළාතේ ගොවිජනතාව සවිබල ගැන්වීම.
- නවීන තාක්ෂණය යොදා ගනිමින් පරිසර හිතකාමී ලෙස වාරිමාර්ග සංවර්ධනය හා නඩත්තුව මඟින් දකුණු පළාතේ ප්‍රශස්ථ වාරි පද්ධතියක් පවත්වාගෙන යාම.
- දකුණු පළාතේ සමුපකාර ප්‍රජාවගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සදහා සමුපකාර ව්‍යාපාරය නියාමනය කිරීම.
- ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ දැනුම, පුහුණුව හා යටිතල පහසුකම් සංවර්ධනය මගින් දකුණු පළාත තුල කාර්යක්ෂම සහ විධිමත් ආහාර සැපයුම් බෙදාහැරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම.
- දකුණු පළාතේ ජනතාවට සෞඛ්යාරක්ෂිත පානීය ජලය සැපයීම.
- දකුණු පළාතේ වෙළෙද ක්ෂේත්රයේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම හා නව තාක්ෂණය හදුන්වාදීම තුලින් යහ වෙළෙදාම ප්‍රවර්ධනය කිරීම.
- කෘෂිපාදක කර්මාන්ත ප්‍රවර්ධනය තුලින් කෘෂිපාදක ව්‍යවසායකයින් සවිබල ගැන්වීම.
- රජයේ රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය තුලින් ව්‍යාපෘති සැකසීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම